ඊයේ තීන්දුවෙන් පසු දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ඇති වී තිබෙන රෝගී තත්වය මත ඔහු ජයවර්ධනපුර රෝහලෙහි ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පවසයි.
වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත දුමින්ද සිල්වා මහතා යම් කාලයක සිට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව à·„à·™‌තෙම වැඩිදුරටත් ප්‍රකාශ කලේය.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට, එවක ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ ලබා දුන් ජනාධිපති පොදු සමාව නීත්‍යානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කර තිබේ.
ඒ අදාළ ජනාධිපති සමාවට එරෙහිව මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව චූදිතයා සම්බන්ධයෙන් පනවා ඇති දඬුවම ක්‍රියාත්මක කිරීමට අදාල පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කරන ලදී.
menu
menu