ජනපති අද සමුළුව ඇමතීමට නියමිතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතව තිබේ.

උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ 19 වෙනි රාජ්‍ය නායක සමුළුව අද සහ හෙට පැවැත්වීමට නියමිතයි.

හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කරගැනීම මෙවර සමුළුවේ තේමාව ය.

සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) පස්වරුවේ උගන්ඩාවේ කම්පාලා නුවරට පැමිණ තිබුණි.

එහිදී ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස මහත් හරසරින් යුතුව පිළිගෙන තිබුණි.

menu
menu