පොලී අනුපාතය වෙනස් නොවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (22) පැවැත්වූ රැස්වීමේදී ප්‍රතිපත්ති පොලි අනුපාත නොවෙනස්ව පවතින මට්ටමේ පවත්වාගෙන යාමට තීරණය කළ බව මහ බැංකුව ප්‍රකාශ කළේය.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 9 ක මට්ටමේ සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 10 ක මට්ටමේ පවතිනු ඇති බව මහ බැංකුව පැවැසුවේය.

දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹි බව මහ බැංකුව ප්‍රකාශ කළේය.

menu
menu