වසරේ පළමු පුර පසළොස්වක පොහොය අදයි..

බුදු සිරිපා පහසින් පළමුවරට සිරිලක වන්දනීයත්වයට පත්කළ උතුම් දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදට(25) යෙදී තිබේ.

බුදුරජාණන් වහන්සේ, මෙරටට වැඩම කරමින් ලොවට පෙන්වා දුන්නේ සමගියේ අගයයි.

බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයේ බුදුරජාණන් වහන්සේ පළමු වරට ලක්දිව වැඩම කළහ.

ඒ, එවක යක්ෂ හා නාග ගෝත්‍රිකයින් අතර ඇති වූ ආරවුලක් සංසිඳවීම සඳහායි.

එදින බුදුන්වහන්සේ සුමන් සමන් දිව්‍යරාජයාට දුන් කේෂ ධාතු ධාතු නිදන්කර මහියංගනය චෛත්‍ය ඉදිකළ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය.

බුදුරදුන් හමුවේ ධමනය වූ තුන්බෑ ජටිලයන්, බුද්ධාගම වැළඳ ගත්තේ ද අද වැනි පොහෝ දිනකදීයි.

ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් අද දිනය පුරා වෙහෙර විහාරස්ථානවල විවිධ පිංකම් සංවිධානය කර තිබේ.

menu
menu