සනත් නිශාන්තට එරෙහිව පෝස්ට් හා කමෙන්ට් දැම්මොත් වැඩ වරදින ලකුණු

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ හදිසි මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය (Facebook) ඔස්සේ අපහාසාත්මක ලෙස මත පළ කරන පුද්ගලයින් ගැන සොයාබැලීමක් සිදුකළ බව අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කලේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ,

“එතුමාගේ මරණය ගැන සමාජ මාධ්‍යවල ඉතාමත් නරක විදියට පළ කිරීම් සිදුකර තිබෙනවා. ඒකෙන් අපිට පැහැදිලි වුණා හැමදාම කමෙන්ට්ස් දාන්නේ කවුද කියලා. මේ වතාවේ සොයාබැලීමක් කළාම. ඒක පක්ෂයකට සම්බන්ධ කට්ටිය තමයි මෙහෙම දේවල් දාලා තියෙන්නේ.

නැත්නම් දෙයියනේ මනුස්සයෙක් මැරුණාම මෙහෙම දේවල් කියන්න බැහැ. අපි සොයා බැලීමක් කළා. ලැබුණු වාර්තා අනුව එක පක්ෂයකට සම්බන්ධ වෙච්ච කට්ටිය සහ ෆේක් එකවුන්ට්ස්. අපි සතුටු වෙනවා. දැන් ඒවා හොයාගන්නත් පුළුවන් වෙයි. ඉස්සර නම් හොයා ගන්නත් අමාරුයි නේ.”

menu
menu