විදුහල්පති දීමනාව ඉහළට

විදුහල්පති දීමනාව රුපියල් 9000කින් ඉහළ දමන ලෙස නිර්දේශ කර තිබේ.

ඒ විදුහල්පති සේවයේ නොවිසදුණු ගැටලු විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව මගිනි.

එම වාර්තාව කමිටුව විසින් ඊයේ අමාත්‍යවරයා වෙත භාර දෙන ලදී.

මහාචාර්ය ගුණපාල නානායක්කාරගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම කමිටුවෙහි හිටපු ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන එම් ඒ ධර්මදාස, පද්මා, සිරිවර්ධන හිටපු විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත, විශ්‍රාමික ගණකාධිකාරී එස්. ඩබ්ලිව්. ගමගේ එහි සාමාජිකයන් ලෙස කටයුතු කලහ.

මෙහිදී ප්‍රධාන කරුණු හයක් ඔස්සේ කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

මෙම කමිටු නිර්දේශ අමාත්‍ය මණ්ඩල අනුමැතිය මගින් ද සේවා ව්‍යවස්ථා සංශෝධනය මගින් ද අමාත්‍යාංශ චක්‍රලේඛ හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ද ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් වැඩිදුරටත් සඳහන් කරන ලදී.

menu
menu