ජනපතිවරණය ගැන ජනමත සමීක්ෂණයක්

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත එළඹෙන ජනාධිපතිවරණයට තරඟකරන්නේද නැද්ද යන්න තීරණය කිරීම සමීක්ෂණ වාර්තාවක් ලැබීමෙන් අනතුරුව තීරණය කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව දේශපාලන අභ්‍යන්තර තොරතුරු වාර්තා වෙයි.

මේ වන විටත් ඊට අදාළ ස්වාධීන සමීක්ෂණ කණ්ඩායම් දෙකක් අදාළ දත්ත රස කිරීම අරඹා ඇති බව පැවසේ.

ලබන අප්‍රේල් මාසය වන විට එම සමීක්ෂණයේ අවසන් ප්‍රතිඵල ලැබීමට නියමිතව ඇති බවත් ඉන් බහුතර ජනවරමක් සඳහා අවකාශ පවතින්නේ නම් පමණක් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරඟ වැදීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි වාර්තා වේ.

menu
menu