සුවය ලැබූ ජනප්‍රිය ගායක චාමර වීරසිංහ රෝහලෙන් පිටවේ

හදිසියේ රෝගාතුරව රෝහල්ගතව සිටි ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා සුවය ලබා කළුබෝවිල රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

ඔහු දින 40කට ආසන්න කාලයක් ඔහු කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවේය.

චාමර වීරසිංහ මහතා කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණේ ස්වසන අපහසුතාවයක් හේතුවෙනි.

රෝහල් ආරංචි මාර්ග අනාවරණය කළේ, එහිදී ඔහු උගුරේ සහ උදරයේ සැත්කම් දෙකකට භාජනය කෙරුණු බව ය.

මේ අතර චාමර වීරසිංහ මහතා සුවය ලැබුවද තවදුරටත් විවේකයෙන් පසුවිය යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර තිබේ.

menu
menu