රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ආරක්ෂක පොලිස් කොස්තාපල්වරයාගේ පවුලට ලක්ෂ 15ක්

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ආරක්ෂක වශයෙන් සේවය කළ අභාවප්‍රාප්ත පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතාගේ පවුලට රුපියල් ලක්ෂ 15ක මූල්‍ය ප්‍රදානයක් කළ බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ , වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අතින් මෙම මුදල් ප්‍රදානය සිදු කළ බවය.

මේ අතර, මියගිය පොලිස් කොස්තාපල්වරයා සැරයන් නිලයට ද උසස් කරන ලදී.

කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක, පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතා ජීවිතක්ෂයට පත්වූහ.

menu
menu