ඉන්ධන මිල සංශෝධනයක්

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 80 සීමාව ඉක්මවා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන පරිදි බොර තෙල් මිල අඛණ්ඩව ඉහළ යන අට වන සතිය මෙය යි.

මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත්තේ රතු මුහුදේ දී ඊශ්‍රායලට පක්ෂපාති රටවල නෞකාවලට හවුති කැරලිකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයි.

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් සැලකිල්ලට ගනිමින් මෙරට ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිතය.

පවතින තත්ත්වය අනුව මෙම සංශෝධන ඔස්සේ මෙරට ඉන්ධන මිලද ඉහළ දැමීමේ ඉඩ කඩක් පවතින බව ආර්ථික විශ්ලේෂකයින් විසින් පෙන්වා දෙනු ලබයි.

menu
menu