අධිවේගී මාර්ග භාවිතා කරන අයට නව නීති

අධිවේගී මාර්ග භාවිත කිරීමේදී නව නීති රීති මාලාවක් ඇතුළත් නව ගැසට්ටුවක් හඳුන්වා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව අවම වේග සීමාව ඇතුළත් කරමින් නව ගැසට් නිවේදනය තවත් සති දෙකකින් ප්‍රකාශයට පත්කරන බව වාර්තා වේ.

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (30) කොළඹදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව අතරතුරදී මේ පිළිබඳව සඳහන් කලේය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ,

“පුද්ගලයන්ගේ පුද්ගල විශේෂතාවලින් තොරව ජීවිත ආරක්ෂාව සඳහාත් ශරීරාංග ආරක්ෂා කිරීමතට නව විධිවිධාංග ඇතුළත් ගැසට්‌ පත්‍රයක් සති දෙකකින් නිකුත් කිරීමට කටයුතු කරනවා. මේ ගැන අදාළ පාර්ශ්ව සියල්ල සමග සාකච්ඡාවක් කළා. කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ අනතුරුවලට හේතුව අධික වේගයෙන් රිය ධාවනය. ඒ වගේම අවශ්‍ය වේගයට වඩා අඩු වේගයෙන් ගමන් කරන වාහන ඉස්සර කිරීමට යාමේදී සිදුවන අනතුරු, මෙන්ම බීමත්ව රිය පැදවීම වැනි කරුණු ඉදිරිපත් වුණා. ඒ අනුව පුද්ගල භේදයකින් තොරව සැමට පොදුවන දැඩිව ක්‍රියාත්මක කරන රීති නීති පද්ධතියක් ඉතා කෙටිකාලයක් තුළදි ප්‍රකාශයට පත්කරනවා.”


menu
menu