පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් හා බිරිඳට සිර දඬුවම්

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ වන බුෂ්රා බිබී ට තවත් සිර දඬුවමක් ලබා දී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඔවුන් දෙදෙනාට වසර 14ක සිර දඬුවමක් නියම කිරීමට පාකිස්තාන අධිකරණය නියෝග කර තිබේ.

මේ වනවිටත් බන්ධනාගාර ගත කර සිටින ඉම්රාන් ට එරෙහිව, රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනාවට ඊයේ (30) වසර 10ක සිර දඬුවමක් ලබා දුනි.

ඔහුගේ විරුද්ධවාදීන් විසින් 2022 වසරේදී ඉම්රාන් ව අගමැති ධුරයෙන් ඉවත් කළ අතර පසුගිය වසරේදී දූෂණ චෝදනා මත ඔහුට වසර 03ක සිර දඬුවමක් තීන්දු කරන ලදී.

නමුත් ඉම්රාන් ඛාන් පවසන්නේ මේ සියල්ල දේශපාලන පළි ගැනීම් බවයි.

menu
menu