ඉහළ ගිය තෙල් මිල  

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කල අතර එම ඉන්ධන මිල සංශෝධනය හා සමගාමීව CEYPETCO, IOC,SINOPEC යන සියලුම සමාගම් විසින් සිය මිල සංශෝධනයන් සිදුකර තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල (CEYPETCO) මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.

ඒ අනුව සංශෝධනය වූ මිල සහ නව මිල පහතින්.

මිල වැඩි වූ ඉන්ධන:

  • පෙට්‍රල් 92 - රු. 5 කින් (නව මිල රු.371)
  • ඔටෝ ඩීසල් - රු. 5 කින් (නව මිල රු.363)
  • භූමිතෙල් - රු. 26 කින් (නව මිල රු.262)

මිල අඩු වූ ඉන්ධන:

  • පෙට්‍රල් 95 - රු. 8 කින් (නව මිල රු.456)
  • සුපර් ඩීසල් - රු. 7 කින් (නව මිල රු.468)

ලංකා IOC සමාගමද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ගණන්වලට සමාන වන අයුරින් මිල සංශෝධනය කර ඇති බව දැනුම් දී තිබේ.


මිල වැඩි වූ ඉන්ධන:

  • පෙට්‍රල් 92 - රු. 5 කින් (නව මිල රු.371)
  • ඔටෝ ඩීසල් - රු. 5 කින් (නව මිල රු.363)
  • භූමිතෙල් - රු. 26 කින් (නව මිල රු.262)

SINOPEC සමාගමට අයත් ඉන්ධනවල මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත.


මිල වැඩි වූ ඉන්ධන:

  • පෙට්‍රල් 92 - රු. 5 කින් (නව මිල රු.368)
  • ඔටෝ ඩීසල් - රු. 5 කින් (නව මිල රු.360)

මිල අඩු වූ ඉන්ධන:

  • පෙට්‍රල් 95 - රු. 8 කින් (නව මිල රු.456)
  • සුපර් ඩීසල් - රු. 7 කින් (නව මිල රු.468)
menu
menu