චාමික ඉවතට

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වනවිට කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මීට සුළු මොහොතක ට පෙර පන්දුවට පහර දෙමින් සිටි චාමික ගුණසේකර හදිසියේම පිටියෙන් ඉවත්විය.

ඔහුගේ හෙල්මටයෙහි ඊට මොහොතක ට පෙර පන්දුවක් වැදුණි.

තරගයේ විස්තර විචාරකයන් පැවසුවේ ඒ හේතුවෙන් ඇතිවූ අපහසුතාවයක් නිසා චාමික පිටියෙන් ඉවත්වන්න තීරණය කරන්නට ඇති බවය.

මේ අතර සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සියලු දෙනා දැවී ලකුණු 439ක් ලබා ගත්තේය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 198ක් ලබා ගත්තේය.

menu
menu