අද නිදහස් වුනත් හෙට වැඩ

මෙරටට ජාතික නිදහස් දිනයේ සැමරුමෙහි 76 වැනි සැමරුම අද දිනට යෙදී තිබුණ ද ලබන සඳුදා (05) එනම් හෙට රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍ර්‍රකාශයට පත් කර නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.

ඉරිදා දිනයේදී නිදහස් දිනය යෙදී තිබෙන බැවින් ඊට පසු දින වන සඳුදා (05) දින රජයේ නිවාඩු දිනයක් ද යන්න පිළිබඳ බොහෝ දෙනා විමසීම් කළ ද නිවාඩු දිනයක් ලෙස මෙතෙක් ප්‍රකාශයට පත්කොට නැත.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ලබන සඳුදා දිනයේ දී සියලුම රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි.

menu
menu