ජනතාවට තහනම් භූමියක් කර හමුදා පෙළපාළි පවත්වා ගුවන් කරණම් සංදර්ශන පවත්වනවා - ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක -  

ජාතික ජන බලවේගයේ "අදිටන" විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය -මොනරාගල දිස්ත්‍රික් සමුළුව ඊයේ (03) මොණරාගල දිස්ත්‍රික්කයේ දී පැවැත්වීය.

සමුළුව සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රෙඩ් සෙනෙවිරත්න, නැගෙනහිර පළාතේ හිටපු ආඥාපති මේජර් ජනරාල් අරුණ ජයසේකර, ජාතික ජනබලවේගයේ ජාතික විධායක ආර්. එම්. ජයවර්ධන ඇතුළු පක්ෂ නියෝජිතයෝ රැසක් සහභාගී වූහ

මෙහිදී නිදහස් දින සැමරුම පිළිබඳව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක,

නිදහස ලබා හැත්තෑහය වැනි වසර අපි සමරනවා. ජනතාවට තහනම් භූමියක් කර හමුදා පෙළපාළි පවත්වා ගුවන් කරණම් සංදර්ශන පවත්වා, පැරිෂුට් සංදර්ශන පෙන්වා නිදහස් සමරුවක් පවත්වනවා.

අපේ රටේ නිදහස වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරන ලද ත්‍රිවිධ හමුදාවේ සාමාජික, සාමාජිකාවන් එක් කර නිදහස ලබා ගන්නේ කොහොමද කියලා අද අපි මොනරාගලදී කතා කරනවා. ඔවුන් නිදහස ලබා ගත්තා කියලා භුක්ති විඳිනවා. අපි නිදහස ලබා ගන්නේ කොහොමද කියලා කතා කරනවා.


අප යෝජනා කරන්නේ මේ තත්වයෙන් මිදීමටයි. පටන් ගැනීමේ දීම අධ්‍යාපනය, සෞඛ්‍යය, ආහාර සියලු පුරවැසියන්ට සහතික කරනවා. මේ පදනම මත අප ආර්ථිකය ඉදිරියට ගෙන යන ආකාරය අලුතින්ම සැලැසුම් කරනවා. දැන් අපට තිබෙන්නේ සංචාරක කර්මාන්තයක් නොවෙයි, හෝටල් කර්මාන්තයක්. අපේ රටේ සංචාරක ව්‍යාපාරය ගැන මනින්නේ හෝටල්වල කාමර කොතරම් පිරි තිබෙනවාද වැනි දත්තවලින් මිස සීගිරියට විදේශ සංචාරකයන් කොපමණ ගියාද වැනි දත්තවලින් නොවෙයි. ඒ නිසා සංචාරක කර්මාන්තය හෝටල් කර්මාන්තයක සිට සංචාරක කර්මාන්තය දක්වා පරිවර්තනය කරන්න ඕනෑ. මේ ආදී තෝරා ගත් ප්‍රමුඛ ක්‍ෂේත්‍ර මත ආර්ථිකය ගොඩනැඟීම ආරම්භ කරනවා. නමුත්, මේ ගමනට එරෙහිව මහජනයාගේ ධනය ඒකරාශී කර ගත් චෞර කණ්ඩායම අවසානය දක්වාම විවිධ මෙහෙයුම් දියත් කරනවා. ඔවුන් සතු මාධ්‍ය බලය මෙහෙයවනවා. ඔවුන්ට අහිමි වෙන්න ගොඩක් දේවල් තිබෙනවා වාගේම අපට දිනාගන්න ගොඩක් දේවල් තිබෙනවා. ඒ නිසා ජයග්‍රහණය ඉලක්ක කොටගෙන මේ මෙහෙයුම දියත් කර ජයග්‍රහණය කරන්න ඕනෑ. අපි ඔක්කොම එකතු වී අපේ රටට නව ජයග්‍රහණ ලබා දෙන පුනරුද යුගයකට රට ගෙන යමු.



menu
menu