අද සිට කාලගුණයේ වෙනසක්

අද සිට පළාත් රැසක කාලගුණයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් නිවේදනයක් ඔස්සේ සඳහන් කරනු ලබයි.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණික තත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙන බවයි.

මේ අතර ඊයේ(05) දිනයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්වයේ අඩුවීමක් අද දිනයේ සිට අපේක්ෂා කරන බවයි.

menu
menu