රොෂාන් පත්කල කමිටුව හරීන් විසුරුවයි  

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව විසිරුවා හැරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ.

ජනවාරි මස 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ කමිටුව විසිරුවා හැර ඇති බව වාර්තා වෙයි.

ක්‍රීඩාවේ ප්‍රවර්ධනය, ස්වාධීනත්වය සහ විනිවිඳභාවය ආරක්ෂා කිරීම උදෙසා මෙතෙක් ක්‍රීඩා පනත යටතේ ලියාපදිංචි වී ඇති ක්‍රීඩාවන්ට අදාළව ජාත්‍යන්තර හා දේශීය ක්‍රීඩා සංගම්, සම්මේලන සම්බන්ධීකරණය කිරීම සඳහා පසුගිය වසරේ සැප්තැම්බර් 25 වන දින එවකට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස රොෂාන් රණසිංහ මහතා එම කමිටුව පත්කරනු ලැබීය

menu
menu