අධිවේගයේ රිය ධාවනයට සීමා

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක රිය ධාවනය අද (14) සිට දින 14ක කාලයක් එක් මංතීරුවකට සීමා කර තිබේ.

අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා පැවසුවේ, කිලෝමීටරයක කොටසක් රිය ධාවනය එක් මංතීරුවකට සීමා කරන බවයි.

ඒ අනුව මීරිගම කුරුණෑගල මධ්‍යම අධිවේගී මාර්ගයේ 56 වෙනි කිලෝමීරටරයේ සිට 57 වෙනි කිලෝමීටරය දක්වා කොටසේ මෙම කටයුත්ත සිදු කරනු ඇත.

menu
menu