කථානායකට එරෙහි විශ්වාසභංගය ගැන තීරණයක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් බාරදුන් විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ නායකයින් තීරණයක් ගෙන තිබේ.

ඔවුන් තීරණය කර ඇත්තේ අදාළ යෝජනාව මාර්තු 19 සහ 20 යන දෙදින තුළ විවාදයට ගැනීමට ය.

එහි ඡන්ද විමසීම 20 වනදා සවස පැවැත්වීමට ද අද (14) රැස්වූ පක්ෂ නායකයෝ තීරණය කළහ.

menu
menu