යකඩ පෙනහළු මිනිසා මියයයි

වසර 70කට වැඩි කාලයක් යන්ත්‍රයක් තුළ රැඳී සිටිමින් එය ආධාරයෙන් ශ්වසනය කළ 'මෑන් ඉන් ද අයන් ලන්ග්' එනම් යකඩ පෙනහළු තුළ සිටි මිනිසා ලෙස ප්‍රකට පෝල් ඇලේක්සැන්ඩර් මියගොස් තිබේ.

අමෙරිකාවේ ඩලාස්හි රෝහලකදී මියයන විට ඔහු 78 වැනි වියේ පසුවිය.

වයස අවුරුදු 6දී පෝලියෝ වෛරසය වැළඳුණු පෝල් එහිදී අංශභාග රෝගයටද ගොදුරුව තිබුණි.

ඉන්පසුව ඔහුගේ සිරුරේ පහළ කොටස අප්‍රාණික වී ඇති අතර එතැන් පටන් ඔහු ජීවත්වූයේ මෙම කෘත්‍රීම පෙනහළු යන්ත්‍රය ආධාරයෙනි.

තම මුව භාවිත කරමින් සිතුවම්කරණයේ සහ ලේඛනයේ නිරත වන පෝල් ග්‍රන්ථයක්ද රචනාකර ඇති අතර, ටෙක්සාස් විශ්වවිද්‍යාලයෙන් නීති උපාධියක්ද ලබා ඇත.

ඔහු ඉතිහාසයට එක්වන්නේ කෘත්‍රීම පෙනහළු යන්ත්‍රයක ආධාරයෙන් වැඩිම කලක් ජීවත්වූ මිනිසා ලෙසය.

menu
menu