උණුසුම ගැන අනතුරු ඇඟවීම්

අද (15) දිනයේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, වයඹ, උතුරු-මැද, නැගෙනහිර පළාත් මෙන්ම කොළඹ, ගම්පහ, මොනරාගල, මන්නාරම, මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි.

වැඩබිම් තුළ සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න ලෙසත් නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව සැලකිලිමත් වෙන ලෙසත් වාහන තුළ කුඩා ළමුන් තනිවම රඳවා නොයන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබේ.

menu
menu