රිච්මන්ඩ් - මහින්ද ආදරවන්තයන්ගේ සටන අදින් ඇරඹේ  

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර වන 119 වැනි වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (15) ආරම්භ වේ.


ඒ අනුව ආදරවන්තයන්ගේ සටන ලෙස හඳුන්වන මෙම තරගය අද සහ හෙට (16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විමට නියමිතය.


මෙවර මහා ක්‍රිකට් තරගයේදී දෙපිලේම නායකත්වය ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල නියෝජනය කළ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙකු වෙත පැවරී තිබීම විශේෂත්වයකි.


රිච්මන්ඩ් විද්‍යාල කණ්ඩායම මල්ශ තරුපති මෙහෙයවනු ලබන අතර, මහින්ද විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවන්නේ දිනුර කලුපහනයි.

menu
menu