තිළිණි ප්‍රියමාලි වරද පිළිගනී  

ඉකුත් සමයේ දැඩි ආන්දෝලනයක් ඇති කළ ව්‍යාපාරික කාන්තාවක වන තිළිණි ප්‍රියමාලි ව දැඩි අවවාද මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ඊයේ (15) නියෝග කරන ලදී.

ඒ ඇයට එරෙහිව ගොනුකර තිබූ අධිකරණ නියෝග කඩ කිරීම් තුනක් සම්බන්ධයෙන් ගොනුකළ නඩුවක වරද පිළිගැනීමෙන් අනතුරුවයි.

සැකකාර ව්‍යාපාරික කාන්තාවට රුපියල් 1,500ක දඩ මුදලක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එය නොගෙවන්නේ නම් සති දෙකක සිරදඩුවම් ද නියම කිරීමට කටයුතු කලේය.

කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වන ව්‍යාපාරිකාවක් වන තිළිණි ප්‍රියමාලිට රන් මාලයක් ගෙන නැවත ලබා නොදුන් බවට වන නඩුකරයක දී තිබු ඇප කොන්දේසියක් කඩ කරමින් දින තුනක් පොලීසියට වාර්තා නොකිරීම මත කොටුව පොලීසිය විසින් අධිකරණයට කරුණූ දැක්වීමෙන් අනතුරුව ඇය ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබූ අතර එම නියෝගයෙන් අනතුරුව මෝසමක් ගොනුකරමින් ඇය වෙනුවෙන් පෙනී සිටි නිතිඥ කිංස්ලි හෙට්ටිආරච්චි මහතා ප්‍රමුඛ නිතිඥ මඩුල්ල අධිකරණයෙන් සමාව ගෙන ඇය සිටින බවට කළ දැනුම් දීම මත මහෙස්ත්‍රාත්වරයා ඇය පෙර ඇප මත මුදාහරින ලෙස යි නියෝග කළේ.

ඇය වෙනුවෙන් කරුණු දක්වමින් මුල් උත්තරවාදය ඉල්ලා අස් කරගන්නා බවත් නැවත මෙවැනි වැරිද සිදුනොකිරිමට වග බලාගන්නා බවත් නිතිඥ මඩුල්ල අධිකරණයට දැනුම් දී ඇත.

අධිකරණ නියෝග ප්‍රකාරව කටයුතු නොකළ දින තුනට අදාළ, වෛද්‍ය වාර්තා ඉදිරිපත් කෙරුණු අතර මේවා හොර වෛද්‍ය වාර්තා බවට මහෙස්ත්‍රාත්වරයා දැනුම් දෙමින් මේවා මත සලකා ඇප නොදෙන බවත් අධිකරණයේ වරද පිළිගෙන සමාව ඇයැදීම මත සැකකාරිය මුදා හරින බවත් දන්වා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව ලබන ජුලි මස 26 යළි කැඳවන ලෙස නියෝග කලේය.

menu
menu