ජයගමු ශ්‍රී ලංකා ‘අද සහ හෙට’ පුලතිසිපුරවරයට

නව ලෝකයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා සවිබල ගැන්වූ තරුණ පරපුරක් හැදීම අපේක්ෂා කරන ‘ජයගමු ශ්‍රී ලංකා’ කුරුණෑගල දිස්ත්‍රික් රැකියා වෙළඳපොළ සහ රැකියා උපදේශන වැඩසටහන අති සාර්ථකව කුරුණෑගල වැහැර ක්‍රීඩාංගණයේදී මාර්තු 9 සහ 10 දෙදිනදී පැවැත්විණි.

ඒ අනුව ඇතුගල්පුරයෙන් සාර්ථකව අවසන් කෙරුණ මීළඟ ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන අද (16 ) සහ හෙට (17) යන දිනවල අභිමානවත් පුලතිසි පුරවරයේ පැවැත්වීමට නියමිතය. මෙම වැඩසටහන පොළොන්නරුව මහජන ක්‍රීඩාංගණයේදී සාර්ථක ලෙස පැවැත්මට අපේක්ෂා කෙරේ.

‘ජයගමු ශ්‍රී ලංකා’ මාර්තු 09 – 10 දෙදින පැවති වැඩසටහනේදී පාසල් උපකරණ බෙදාදීම, ශ්‍රම වාසනා අරමුදල්, දෙස් විදෙස් රැකියා අවස්ථා පිළිබඳව දිරිගැන්වීමේ දේශන මාලාව, විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, එම පවුල්වලට විවිධ ප්‍රතිලාභ ලබාදීම, තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් වෘත්තීය පුහුණු අවස්ථා ලබාදෙන ස්මාට් යූත්, අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට ගරුත්වයක් ලබාදෙන ගරු සරු, ශ්‍රම වාසනා අරමුදල විසින් ක්‍රියාත්මක කරනු ලබන පාසල් උපකරණ ලබා දීම ඇතුළු වැඩසටහන් රැසක් සිදු විය.

‘ජයගමු ශ්‍රී ලංකා’ අනුරාධපුරයෙන් ආරම්භ කිරීමෙන් අනතුරුව වැල්ලවාය, කෑගල්ල, මහනුවර සහ කුරුණෑගල නගරවල මේ වන විට පැවැත්වුණ වැඩසටහන් සියල්ල මේ දක්වා අති සාර්ථකව පැවැත්වුණ අතර.පුලතිසි පුරවර වැඩසටහනද අති සාර්ථක එකක් බවට පත්කර ගැනීම සංවිධායක අපේක්ෂාවයි.








menu
menu