මෛත්‍රීගේ ප්‍රකාශය පිළිබඳ කරුණු වාර්තා කිරීමට නීතිපති අද අධිකරණයට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (27) අධිකරණයට කරුණු වාර්තා කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට කැඳවා ප්‍රකාශයක් ගන්නා ලෙසද ඉල්ලීමක් කිරීමට නියමිත බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු දුන් ප්‍රකාශය ඊයේ නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

පසුගිය 22 වැනි දා මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී මාධ්‍ය වෙත කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පෙරේදා ප්‍රකාශයක් ලබා දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවීමකට අනුවයි.

menu
menu