පොහොට්ටුවේ විධායක සභාව අද රැස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව අද (27) පස්වරුවේ රැස්වේ.

ඒ,එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙනි.

විධායක සභා රැස්වීමේදී - පක්ෂයේ දැනට පුරප්පාඩුව පවතින ජාතික සංවිධායක ධුරය සහ නියෝජ්‍ය ජාතික සංවිධායක ධුර දෙක සඳහා නව පත් කිරීම් සිදු කිරීමට නියමිතය.

මීට අමතරව ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ද විධායක සභාවේදී තීරණවලට එළැඹීමට නියමිත බව පොදුජන පෙරමුණ සඳහන් කරයි.

පොදුජන පෙරමුණේ පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල හිටපු සභිකයින් පසුගිය දා එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හමුවිය.

එහිදී පළමුව පැවැත්විය යුත්තේ, මහ මැතිවරණයක් බවට ඔවුන්ගෙන් බහුතරය ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පළමුව පැවැත්විය යුත්තේ මහ මැතිවරණයක් ද නොඑසේ නම් ජනාධිපතිවරණයක් ද යන්නට නිශ්චිත බහුතර අදහස් ප්‍රකාශ වීමක් සිදුව නැත.

menu
menu