අද දවස

ඔබට නොයෙකුත් ආකාරයට අසන්නට දකින්නට ලැබෙන තොරතුරු සියල්ල දුටු සැණින් විශ්වාස නොකරන ලෙස අප්‍රේල් 01 වන අද දින SL Breaking News අපි ඔබට මතක් කර සිටිමු.



පෞද්ගලික වාසි වෙනුවෙන් ඇතැමුන් අසත්‍ය ප්‍රවෘත්ති‍ සහ ප්‍රචාරයන් ඔබ හරහා මුළු සමාජයටම බෙදාහරින්නට මාන බලමින් සිටින හෙයින්, ඔබට දැනගන්නට ලැබෙන ඕනෑම තොරතුරක් අන් අය සමඟ බෙදාගැනීමට පෙර, එහි සත්‍ය අසත්‍යභාවය විමසා බැලීමට කටයුතු කරන්න.



මේ එළැඹෙමින් පවතින්නේ පටු අරමුණු වෙනුවෙන් ඔබ අප නොසිතන තරමේ ගොතන ලද අසත්‍ය ප්‍රචාරයන් සමාජයට මුදාහැරෙන තීරණාත්මක කාල වකවානුවකි.



ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් නොබියව පෙනී සිටිමින්, සත්‍ය තොරතුරු පමණක් සැණෙකින් සරලව ඔබ වෙත ගෙන ඒමට අප නිරතුරු ඔබ වෙනුවෙන් අවදියෙන් සිටින බවද අපි ඔබට මතක් කරන්නෙමු.

menu
menu