පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

අද (01) දින ආයුර්වේද පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

හෙට (02) දිනයේ දී පරාටේ නීතිය සංශෝධනය කිරීමට අදාළ බැංකු සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

ඊට අමතරව කොළඹ වරාය නගර ආර්ථික කොමිශන් සභා පනත යටතේ වන නියෝග, එකතු කළ අගය මත බදු පනත යටතේ වන නියමනයන් සහ ආනයන හා අපනයන පාලන පනත යටතේ වන රෙගුලාසි අගහරුවාදා දිනයේ විවාදයට ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ අතර හෙට දිනයේ දී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ද රැස්වීමට නියමිතව තිබේ.

එදිනට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

menu
menu