"අපට අවස්ථාවක් දෙන්න" - පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර -  

පරිගණක අපරාධකරුවන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකේය තරුණයින් මුදවාගත්තාය යනුවෙන් බොරු ප්‍රකාශයක් ගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර අද පාර්ලිමේන්තු සභා ගර්භයේ දී ප්‍රකාශ කර සිටියේය.

මන්ත්‍රීවරයා විසින් වැඩිදුරටත් ආදහස් දක්වමින්,

මියන්මාරයේ පරිගණක අපරාධකරුවන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකික තරුණයින්ගේ 57 දෙනොගෙන් 8 දෙනෙකු රජය මැදිවෙලා බේරාගත්තා කියන එක සාවද්‍යයි. චීනයේ බලපෑම මත එම පරිගණක අපරාධකරුවන් කඳවුරු අතහැර පලා යද්දි එහි සිටි ලාංකික තරුණයින් 8 දෙනෙකු මියන්මාර පොලිසිය භාරයට ගැනීමයි සිදු වුනේ. මෙහි රාජ්‍ය මැදිහත්වීමක් අපිනම් දන්නේ නැහැ.

මේ වන විට අප්‍රිකානු රටක් විසින් ළමයි 26 දෙනෙකු මුදවාගෙන තිබෙනවා ඊයේ. ශ්‍රී ලාංකික තරුණයින්ද බේරා ගැනීමට තායිලන්තය හරහා ප්‍රවේශයක් තිබෙනවා මොකද සැපයුම් ජාල තිබෙන්නේ තායිලන්තය පැත්තෙන්. අපට අවස්ථාවක් දෙන්න තායිලන්තයේ විදේශ අමාත්‍යවරයා සමඟ මේ පිළිබඳව සාකච්ඡාවක් කරන්න. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කණ්ඩායමක් ව⁣ශයෙන් අපි යන්න සූදානම් මේ පිළිබඳව සාකච්ඡා කරන්න.

menu
menu