තෙවරප්පෙරුමගේ මියගිය  හේතුව හෙලි  වෙයි   

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය විදුලි සැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූ මරණයක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.
මෙම පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුණේ කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේදීයි.
ඒ, කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කේ එම් ටී බී ගුණතිලකගේ ප්‍රධානත්වයෙන්.
පාලිත තෙවරප්පෙරුම මහතා අනතුරට ලක්වූ යටදොළවත්ත, නවුත්තුඩුව, කරම්පෑතර පිහිටි ස්ථානය කළුතර අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය කේ එම් ටී බී ගුණතිලක නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර තිබෙනවා
menu
menu