චමරි අතපත්තුට ජනාධිපතිගෙන් සුභාශිංසන

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති කාන්තා එක්දින ජාත්‍යන්තර තරඟයේදී ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර දෙමින් පන්දු 139කදී නොදැවී ලකුණු 195ක් රැස්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබ පැතුම් පිරිනමා තිබෙනවා.

දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගනිමින් ජනාධිපතිවරයා මෙලෙස චමරි අතපත්තු වෙත සුභාශිංසන පිරිනැමූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

menu
menu