යළි ඉන්ධන මිල එකවරම ඉහළ යාමේ අවධානමක් ?

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද ඉන් බරපතල අවදානම් සහගත තත්ත්වයක් මතුවිය හැකි බව ආර්ථික විශ්ලෙෂකයන් පවසනවා
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා සදහන් කළේ පවතින තත්ත්වය මත ශ්‍රී ලංකාවට ද අවධානමක් මතුවිය හැකි බවයි
ඉන්ධන ගෙන්වීමේදී ශ්‍රී ලංකාව ඉරානය සමඟ සෘජු සබඳතා නොපැවැත්වුවද ශ්‍රී ලංකාව ඉන්ධන මිලදී ගන්නා රටවල ප්‍රධාන ඉන්ධන සැපයුම්කරු වන්නේ ඉරානය බවයි මහාචාර්යවරයා සදහන් කළේ
menu
menu