ගැබිනි මවකට බෝට්ටුවේදීම දරුවා ලැබිලා

බෝට්ටුවකින් රෝහලට යමින් සිටි ගැබිනි මවක් බෝට්ටුවේදීම දරු ප්‍රසූතිය සිදුකළ පුවතක් යාපනයෙන් ප්‍රදේශයේ අපට වාර්තා වේ.
ප්‍රසව වේදනා ඇති වූ අදාළ ගැබිනි මව නාගදීපය අසල තොටුපළේදී දරුවා ප්‍රසූත කර ඇති බවයි වර්තා වන්නේ
අදාල කාන්තාව නාගදීප මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වෛද්‍යවරුන්ගේ උපදෙස් මත යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා
ඒ අනුව යාපනය ශික්ෂණ රෝහල වෙත යමින් සිටියදී ගැබිනි මව මෙම සිදුවීමට මුහුණ දී තිබේ.
ඇය, දරුවා සමඟ කුරිකඩ්ඩුවාන් ජැටිය වෙත රැගෙන ගොස් එතැන් සිට යාපනය ශික්ෂණ රෝහල වෙත ප්‍රවාහනය කිරීමට කටයුතු කර තිබේ.
මෙ වන විට මව සහ බිළිඳා සුව අතට හැරෙමින් සිටින බවයි වෛද්‍යවරුන් පැවසුවේ
menu
menu