එන්නේ නැත්නම් කියන්න අනුර කුමාර සජිත්ට දින වෙන් කරයි

අනුර කුමාර දිසානායක මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා නොපැමිණෙන්නේ නම් ඒ පිළිබඳව දැනුම්දෙන ලෙසට ඉල්ලා සිටිමින් ජාතික ජන බලවේගය විසින් සමගි ජන බලවේගය වෙත ලිපියක් යොමුකර තිබෙනවා .
එම ලිපිය මගින් ජාතික ජන බලවේගය එම යෝජිත විවාදය සඳහා මැයි මස 07,09,13 සහ 14 යන දිනවලින් සජබය කැමති දිනයක් තොරා ගන්නා ලෙසයි ඔහුන්එම ලිපිනයේ වැඩි දුරටත් සදහන් කර තිබෙන්නේ
එසේම සජබයේ සූදානම අනුව දිනය තෝරාගැනීමෙන් අනතුරුව විවාදය පැවැත්වීමට අදාළ අදාළ වෙලාව සහ විවාදයේ කාලසීමාව ආදී කරුණු පිළිබඳව සාකච්ඡා කරගත හැකි බවද එමගින් දැනුම්දී ඇත.
menu
menu