අණ නොතකා ධාවනය වූ ත්‍රීරෝද රථයකට පොලිසියෙන් වෙඩි 

මොරගහහේන, මිරිස්වත්ත ප්‍රදේශයේදී අද අලුයම 02.00ට පමණ අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා
මීපේ දෙළුකැටිය පොලිස් මාර්ග බාධකයේදී මෙම ත්‍රිරෝද රථයට නවත්වන ලෙස පොලිසිය සිදුකළ අණ නොතකා එහි ගමන්ගත් පිරිස පොලිසිය දෙසට වෙඩිතබා පළා ගොස් ඇති අතර, පසුව එම ස්ථානයේ සිට පොලිස් නිලධාරීන් ඒ බව අවට පොලිස් ස්ථාන සහ මාර්ග බාධක වෙත ක්ෂණිකව දැනුම් දී තිබෙනවා.
පසුව එම ස්ථානයට පැමිණි බස්නාහිර පළාත් අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඇති අතර, එම ත්‍රිරෝද රථය නවතන ලෙස අණ කර ඇතත් එම අණද නොකතා ඔවුන් ත්‍රිරෝද රථයෙන්ම පළාගොස් තිබෙනවා.
අනතුරුව එම නිලධාරීන් විසින් ත්‍රිරෝද රථය හඹාගොස් පාදුක්ක මොරගහහේන මාර්ගයේ පුවක්වත්ත මංසන්ධිය අසලදී සිදුකළ වෙඩිතැබීමකින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ සදහන් කළේ
menu
menu