අධික උණුසුම නිසා පාසල්  පැවැත්විම පිළිබඳ  තිරණයක්  ගනියි 

බංල්ගාදේශයේ පවතින අධික උණුසුම හේතුවෙන් පාසල් වසා දැමීමට එරට බලධාරින් තීරණය කර තිබෙනවා.
ඒ අනුව, බංග්ලාදේශයේ දරුවන් මිලියන 33කට මේ දිනවල පාසල් කටයුතු අහිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බංග්ලාදේශයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක ඉක්මවා ගොස් තිබෙනවා.
එය වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 16ක පමණ ඉහළ යාමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. අධික උණුසුම හේතුවෙන් පසුගිය වසරේද බංග්ලාදේශයේ පාසල් වසා දැමීමට සිදුවුණා.
බංග්ලාදේශය දේශගුණික අර්බුදයේ බලපෑම් හේතුවෙන් වඩාත් අවධානම්වලට ලක්විය හැකි රටක් ලෙසයි දැක්වෙන්නේ.
menu
menu