කල­ර් ල­යිට් ලඟ ඉන්න යාච­ක­යන්ට සල්ලි දුන්නොත් රියදුරුට වෙන දේ 

කොළඹ නග­රය ඇතු­ළුව රටේ ප්‍රධාන මංස­න්ධි­වල රථ­වා­හන ධාව­න­යට බාධා­වන ලෙස ආලෝක සංඥා ආස­න්නයේ රැඳී සිටි­මින් සිඟ­මනේ යෙදෙන යාච­ක­යන්ට මුදල් ලබා දෙන්නන්ට එරෙ­හිව නීතිය දැඩිව ක්‍රියා­ත්මක කිරී­මට පොලි­සිය තීර­ණය කර තිබෙනවා
රියැ­දු­රන් විසින් හෝ වාහ­නයේ ගමන් ගන්නන් විසින් යාච­ක­යන්ට මුදල් ලබා දීමට කට­යුතු කළ හොත් ඔවුන්ට දඩ මුද­ලක් නියම කිරී­මට ද පොලි­සිය තීර­ණය කර තිබෙන්නේ
මෙම වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කිරී­මට රාජ­කා­රියේ යෙදී සිටින පොලිස් නිල­ධා­රීන් මෙන්ම සිවිල් ඇඳු­මින් සැර­සුනු පොලිස් කණ්ඩා­යම් යොදවා ආලෝක සංඥා ආස­න්නයේ රැඳී සිටින බවත් යාච­ක­යන්ට මුදල් දෙන වාහන ඔවුන් මාර්ග­යෙන් හඳු­නා­ගෙන නීතිය ක්‍රියා­ත්මක කරන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති (රථ­වා­හන පරි­පා­ලන සහ මාර්ග ආර­ක්ෂාව) ඉන්දික හපු­ගොඩ මහතා ප්‍රකාශ කළේය.
යාච­ක­යන් ඉවත් කිරී­මට ක්‍රියා­මාර්ග ගන්නා බව ද රියැ­දු­රන් එවැනි යාච­ක­යන් සඳහා මුදල් ලබා­දීම නතර කරන්නේ නම් ඔවුන් රැඳී නොසි­ටින බව ද ඔහු සදහන් කලා
menu
menu