ලිට්‍රෝ ගෑස් මිල ගනන් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරේ     

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 175කින් අඩුකරන බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් සදහන් කළේ
එහි නව මිල රුපියල් 3,940ක් වනවා.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල අඩු කෙරෙන්නේ රුපියල් 70කින්.
එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,582ක් වන බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ.
ලිට්‍රෝ කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 32 කින් අඩු කෙරෙන අතර අතර එහි නව මිල රුපියල් 740ක් වන බවද එම සමාගම වැඩිදුරටත් පැවසුවා
menu
menu