කොත්තු සහ රයිස් මිලදි ගන්න  කලින් මේ ගැන දැනගන්න 

ගෑස් මිල ගණන් පහළ දැමීමට ගත් තීරණය හමුවේ ආහාර වර්ග කිහිපයක මිල ගණන් ද පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20කින් අඩුකරන බවයි එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ.
කෙටි ආහාරවල මිල ගණන්ද රුපියල් 10කින් අඩුකරන බව ඔහු පැවසුවා.
කෙසේවෙතත් තේ සහ කිරි තේ මිල ගණන්වල වෙනස් සිදුනොකරන බවයි සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේ.
menu
menu