සාමාන්‍ය පෙළ විභාගය පෙනී පෙනී සිසුවාට අත්වූ අවාසනාවන්ත ඉරණම  

ආශිර්වාද ලබාගැනීම සඳහා දේවාලයක් වෙත ගිය බළන්ගොඩ ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකු එක්වරම ඇදවැටී මියගොස් ඇති බවට වාර්තා වෙනවා .
මෙලෙස මියගොස් ඇත්තේ අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි පාසල් ශිෂ්‍යයෙක්.
හරනාත් රංජිත් කුමාර නමැති එම පාසල් සිසුවා බළන්ගොඩ මාරතැන්න ප්‍රදේශයේ පිහිටි දේවාලයක් වෙත අද උදෑසන ගොස් තිබුණා
එහිදී සිසුවා ක්ලාන්ත වී ඇදවැටි තිබෙනවා පසුව මාරතැන්න වතු රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් පාසල් සිසුවා මියගොස් ඇති බවට වාර්තා වන්නේ
පශ්චාත් මරණ පරීක්ෂණය බළන්ගොඩ රෝහලේදී සිදුකිරීමට නියමිතයි
menu
menu