ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තවත්  එක් කඩඉමක් පසු  කරයි

20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ, එම තරඟාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැති පළමු අවසන් පූර්ව තරඟය එක්සත් අරාබි එමිර් රාජ්‍ය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 15කින් පරදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජය ගැනීමත් සමඟයි.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් පමණක් දැවී ලකුණු 149ක් රැස්කළා.
එහිදී විශ්මි ගුණරත්න රැස්කළ ලකුණු සංඛ්‍යාව 45ක්. පන්දු 44කට මුහුණදුන් ඇයගේ ඉණිමට හතරේ පහර 05ක් ඇතුළත් වුණා. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 24යි.
නායක චමරි අතපත්තු පන්දු 21කදී ලකුණු 21ක් රැස්කළ අතර ඇයගේ ඉණිමට හයේ පහර 02ක් සහ එක් හතරේ පහරක් ඇතුළත්. නිලක්ෂිකා සිල්වා ලකුණු 18ක් සහ කවීෂා දිල්හාරි ලකුණු 17ක් රැස්කළා.
ජයග්‍රාහී ලකුණු 150ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි එක්සත් අරාබි එමිර් රාජ්‍ය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 134ක් පමණයි.
menu
menu