ඉල්ලා අස්වීමේ ලිපිය ගැන ඇමති හරීන්ගෙන් ප්‍රකාශයක්

තමන් සංචාරක අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිපිය අසත්‍ය ලිපියක් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
සිය x ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ සංචාරක වීසා ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සිය අදහස් ප්‍රකාශ කළද එවැනි ඉල්ලා අස්වීමේ ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු නොකළ බවයි.
එමෙන්ම එම ලිපියේ සඳහන් දිනය මීට මාසයකට පෙර දිනයක් බවද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය X ගිණුමේ සටහන් කර තිබෙනවා.
menu
menu