ඩයනාව බිත්තියට හාන්සි කරලා  පාර්ලිමේන්තුවට ආව අලුත් මුහුණ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මුජිබර් රහුමාන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ මීට නොබෝ වේලාවකට පෙර දිවුරුම් දුන්නා.

ඒ, ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසිවීම හේතුවෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහායි.

පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා මුජිබර් රහුමාන් පත්කිරීමට එම පක්ෂය මීට පෙර තීරණය කළා.

ඒ අනුව මුජිබර් රහුමාන්ගේ නම ඇතුළත් ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ දිනයේ ප්‍රකාශයට පත්කරණු ලැබුවා.

menu
menu