හමුදා  සෙබලුන්  ජාවාරම් කළ  සැකකරුවන්  සිදු කළ  පාපොච්චාරණය

රුසියානු හමුදාවේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් ජාවාරම් කළ දෙදෙනෙකු කුරුණෑගල වැවරවුම ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගැනුනේ, මේජර් ජෙනරාල්වරයෙකු සහ සැරයන්වරයෙකු වන අතර විශ්‍රාමික මේජර් ජෙනරල්වරයෙක් වන මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පොලීසිය දීර්ඝ ලෙස විමර්ශන සිදු කරමින් සිටිනවා
එහිදී අනාවරණ වී ඇත්තේ, විශ්‍රාමික යුද හමුදා නිලධාරීන්ගේ නාමලේඛනය යුද හමුදා මූලස්ථානයෙන් ගනු ලැබුවේ ඔහු විසින් බවයි.
ඒ, අනුව රුසියාවේ සහ යුක්‍රේනයේ කුලී හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා සාමාජිකයින් යොමු කිරීමේ ජාවාරමට අදාළව පොලීසිය විසින් දිගින් දිගටම විමර්ශන සිදු කරමින් පවතිනවා.
menu
menu