දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැඩි තිරණයක් ගනියි  ජනතාව  අසරණයි  

බදු නොගෙවීම හෝ ප්‍රමාද වී ගෙවීම සඳහා පැනවෙන දඩ සහ පොලී කිසිදු විටෙක ඉවත් කිරීම හෝ අඩු කිරීම සිදු නොකරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මෙතෙක් බදු වර්ග 06ක් නොගෙවූ පුද්ගලයින්ට ලබන 15වනදා හෝ එදිනට පෙර බදු ගෙවන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළේ.
සංස්ථාපිත ආදායම් බද්ද, තනි පුද්ගල ආදායම් බද්ද සහ හවුල් ව්‍යාපාර ආදායම් බද්දෙහි සිව් වන ත්‍රෛමාසික වාරිකය එලෙස ගෙවිය යුතු වනවා. එමෙන්ම අප්‍රේල් මාසය තුළ රඳවා ගත් පොලිය මත අත්තිකාරම් ආදායම් බද්ද, ගාස්තු සහ වෙනත් ගෙවීම් මත අත්තිකාරම් ආදායම් බද්ද සහ අත්තිකාරම් පුද්ගල ආදායම් බද්දද ලබන 15වනදා හෝ ඊට පෙර ගෙවිය යුතු බවයි දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පැවසුවේ.
මුදල් තැන්පත් කිරීම මගින්, ගෙවීම් ඇනවුමක් හෝ බැංකු අයකරයක් තැන්පත් කිරීම මගින් සහ මාර්ගගත බදු ගෙවීමේ පහසුකම භාවිත කිරීම මගින් පමණක් එම බදු ගෙවීම් කළයුතු බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.
menu
menu