මෛත්‍රීපාල ඉල්ලා  අස්වෙයි 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
අද පෙරවරුවේ කොට්ටේ ප්‍රදේශයේ හෝටලයක පැවති පක්ෂයේ විධායක සභාවේදී මෙම ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ පුරප්පාඩු වූ තනතුර සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.
menu
menu