කුලියාපිටිය තරුණයාගේ ඝාතනයට අත්අඩංගුවට     ගත් පෙම්වතිය කියන සංවේදී  කතාව .

කුලියාපිටිය, ඉලුහේන ප්‍රදේශයේදී පසුගිය අප්‍රේල් 22වැනිදා තරුණයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකාර පෙම්වතිය බව කියන තරුණියව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුලියාපිටිය පොලිසියට කැඳවා සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබලදීම, මනුෂ්‍ය ඝාතනය සිදුකර අපරාධය වසන් කිරීම යන චෝදනා යටතේයි මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 18ක් වන වස්සාවුල්ල, ඉලුහේන ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලිය පැවසුවා
පසුගිය අප්‍රේල් 22 වැනිදා උදෑසන කුලියාපිටිය වස්සාවුල්ලේ පිහිටි පෙම්වතියගේ නිවසට ගිය මොහොතේ සිට අතුරුදන්ව සිටි සුසිත් ජයවංශ නමැති 31 හැවිරිදි තරුණයාගේ මළ සිරුර පොලිසිය විසින් සොයා ගත්තේ පසුගිය 07 වැනිදා මාදම්පේ රක්ෂිතයක තිබියදී
මීගමුව ප්‍රදේශයේ පිහිටි සැකකරා පෙම්වතියගේ ඥාති නිවෙසක ඇය සිටින බවට ලැබුණු තොරතුරක් මත කරන ලද දැනුම්දීමක් අනුව මෙම තරුණිය ඇයගේ ඥාතියකු සමග ඊයේ කුලියාපිටිය මූලස්ථාන පොලිසියට පැමිණ තිබෙන්නේ
එහිදී සැකකාර තරුණිය පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ, තමා අවුරුදු 15ක වයයේ පසුවන පාසල් සිසුවියක සිටියදී සුසිත් නමැති ඝාතනයට ලක් වූ තරුණයා තමාව බිය වද්දවා මරා දමන බවට තර්ජනය කර නිවසේ උඩුමහලට බලහත්කාරයෙන් රැගෙන ගොස් මුල්ම වරට තමාව දූෂණය කළ බවයි.
menu
menu