කැරට් කැබැල්ලෙන් ආ මාරයා පුංචි සවීන්ව බිලිගත් හැටි



කැරට් කැබැල්ලක් උගුරේ සිරවීමෙන් කුඩා බිළිදෙකු මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ සාලියවැව, යාය 07 ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුද්දයි මාස 07ක පිරිමි බිළිදෙකු බවයි පොලිසිය පැවසුවේ.

නිවසේදී එලෙස අනතුරට මුහුණපෑ එම බිළිදා මව්පියන් විසින් කඩිනමින් නොච්චියාගම දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අසාධ්‍ය තත්ත්වයේ සිටි එම බිළිදා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කිරීමට වෛද්‍යවරු කටයුතු කර තිබුණා.

කෙසේවෙතත් අනුරාධපුර ශීක්ෂණ රෝහලට රැගෙන යමින් සිටියදී බිළිදා මියගොස් ඇති බවයි සාලියවැව පොලිසිය පැවසුවේ.

menu
menu