යුද්ධය  අවසන්  කළ රණවිරුවන්ට ලබාදෙන ගෞරවය ගැන ගැටලුවක්   

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ ස්ථාපිත ජාතික රණවිරු ස්මාරකය අභියසදී අද පස්වරු 04ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීම එහිදි සිදුවන බවයි රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජනරාල් නිශාන්ත මානගේ නෙත් නිවුස් වෙත පැවසුවේ.
එල් ටී ටී ඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ජීවිතක්ෂයට පත් වූ බවට තහවුරු වූයේ 2009 වසරේ මැයි 19 වනදායි. ඒ අනුව සෑම වසරකම මැයි 19 වනදා රණවිරුවන්ගේ විජයග්‍රාහී දිනය සමරන බවද ඔහු කියා සිටියා.
රට වෙනුවෙන් ජීවිත පරදුවට තබා සටන් කළ රණවිරුවන්ට නිරන්තරයෙන් අභිමානය ලබා දීමට ජනතාව කටයුතු කළ යුතු බවයි රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජනරාල් නිශාන්ත මානගේ වැඩිදුරටත් පැවසුවේ.
menu
menu